Posted on 03.30.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
රුසියාව විසින් ක්‍රිමියාවේ යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කිරීමත් සමග නව තත්වය යුක්‍රේනයේ අප්‍රසාදයට හේතු වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට ගොඩබිම ගුවන සහ සාගරය යන ක්ෂේත්‍ර තුනම ආවරණයවන ආකාරයෙන් දින තුනක් පුරා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසවලට පැරෂුට් භටයන් දහස් සංඛ්‍යාත පිරිසක් සහ හමුදා ඒකක 300ක් සම්බන්ධ වී සිටිති.
යුක්‍රේන ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයක් පවතින වාතාවරණයක් තුළ අතීතයේ ඔවුන්ට අයත්ව තිබූ ක්‍රිමියාවේ රුසියාව මෙලෙස දැවැන්ත යුද අභ්‍යාසයක නිරත වීම පිළිබඳව එරට වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමට කටයුතු කළේ 2014 වර්ෂයේදීය.