ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්ගෙන් බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කටයුතු කරන බැවින් පක්ෂයේ සියලුම මධ්‍යම කාරක සභිකයන් සහ මහජන නියෝජිතයන් ඉදිරියේදී ඉවත් කිරීමට පක්ෂ නායකත්වයට සිදුවනු ඇතැයි බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
බහුතර පාක්ෂික මතය වෙනුවෙන් පෙනී සිටින මධ්‍යමකාරක සභිකයන් පස්දෙනෙකු එකවර ඉවත්කර මෑතකදී පක්ෂයට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨයන් නොවන පිරිස්වලට මධ්‍යම කාරක සභාවේ තනතුරු ලබාදීම නිසා ශ්‍රීලනිපය තුළද සුළුතරය විසින් බහුතරය යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව පැහැදිලි වන්නේ යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
උඩුගම්පොළ ශ්‍රීලනිප කාර්යාලයේදී 15 වැනිදා පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී මෙම අදහස් පළ විය.