මෛත්‍රිට පක්ෂපාති පිරිසක් පත් කරන්න ශ්‍රීල.නි.ප. වෙනසක්!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් වෙත තබා ගන්නට ආසන සංවිධායකයන් අලුතින් පත් කිරීමට සූදානම්වන බව ප්‍රකාශයට පත්ව තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වයවස්ථානුකූලද යන වග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ පසුව මේ සම්බන්ධව කටයුතු කරන්නට ජනාධිපතිවරයා පසුගිය දා පැවති ශ්‍රිල.නි.ප. රැස්වීමේදී පවසා ඇත. එහිදී විසුරුවාහැරීම නීත්‍යනුකූල බව පිළිගන්නේ නම් ඉදිරියේ පැවැත්විය යුතු මහමැතිවරණයට තරග කිරීම සදහා මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණ සමග සන්ධානයක් වෙත යන්නට ජනාධිපතිවරයා යෝජනා කර ඇත. එසේ විසුරුවා හැරීමේ තත්වය තුල මහමැතිවරණයට පාක්ෂිකයන් සූදානම් කිරිමට අලුතින් ආසන සංවිධායකවරු පත්කරන බවද එසේ කිරීමේදී දැනට සිටින ආසන සංවිධායකවරු දක්වා ඇති ක්‍රියාකාරිත්වය අනුව නම් කරන්නට සිදුවන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

Chandana Sirimalwatte :