Posted on 10.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගතයුතු හොඳම ඉදිරි පියවර ගන්නා ලෙස ෆ්‍රැන්සින් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මෙරට කාතෝලික සභාවට දැනුම් දී තිබේ.
එහිදී පාප්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඊට තමන් සහාය පළ කරන බවය.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සංවාදයක් ඊයේ (23) සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා තිබුණි.
එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාප්වහන්සේට යැවූ ලිපියකට එවන ලද පිළිතුරු ලිපියක් කාදිනල් හිමියන් විසින් මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.