தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
යුරෝපා සංගමයෙන් කරපිංචා තහනමක් - ශ්‍රී ලංකා මගීන්ට කරපිංචා රැගෙන නොඑන ලෙස උපදෙස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝපා සංගමයෙන් කරපිංචා තහනමක් – ශ්‍රී ලංකා මගීන්ට කරපිංචා රැගෙන නොඑන ලෙස උපදෙස්



ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානියා නගරයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ශ්‍රී ලාංකික මගීන්ට දැනුම් දී තිබේ.

යුරෝපා සංගමයට අයත් ශාක සෞඛ්‍ය අන්තර්නිරෝධනය කිරීම දැනුම් දීමේ පද්ධතිය නිකුත් කරන ලද දැනුම් දීමක් අනුව එම තහනම පනවා ඇත.

හානිකර ඓන්ද්‍රික කොටස් අන්තර්ගත හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අයත් රටවලට කරපිංචා රැගෙන ඒම තහනම් කිරීමට එම සංගමය තීරණය කර ඇතැයි කොන්සියුලර් කාර්යාලය දෙසැම්බර් 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“නොවැම්බර් මාසයේදී යුරෝපා සංගමයට අයත් රටවල, විශේෂයෙන්ම ඉතාලි රේගුව ශ්‍රී ලාංකික මගීන්ගේ ගමන්මළුවල තිබී අවස්ථා කිහිපයකදීම කරපිංචා සොයාගෙන ඇත. විශේෂයෙන්ම ඉතාලියේ කැටානියා ගුවන් තොටුපොළ හරහා පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ගමන්මළුවල තිබී කරපිංචා සොයාගෙන ඇත. නීතිරීතිවලට අනුකූල නොවෙමින් මෙලෙස කරපිංචා රැගෙන ඒම වැඩි වීම ශ්‍රී ලංකාව ඉතාලිය සහ යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට කරන ආහාර අපනයනවලට ඍණාත්මක බලපෑමක් එල්ල කළ හැකිය” යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ අනුව කොන්සියුලර් කාර්යාලය ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස උපදෙස් දී තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පෞද්ගලික ගමන්මළු නිතර පරීක්ෂාවකට ලක් කරන බවත් උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කළහොත් රටින් පිටවීමේ ද තරමක දුෂ්කර අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇති බවත් කොන්සියුලර් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.