Posted on 09.25.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතය ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට එක්ව ඇත.
නව පරපුර් ගායකාවක වන යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ ‘ ප්රතිනිර්මාණ ගීතය මේ වන විට අන්තර්ජාලයේ යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ කෝටි 12 ක පමණ පිරිසක් නරඹා ඇත.
ඉන්දියාවේ ජනප්‍රියභාවයට පත් වූ මෙම ගීතය සම්බන්ධයෙන් අමිතාබ් භච්චන් විසින් කළ පැසසුමක් නිසා වඩාත් ජනප්රිභාවයට පත් වූ මෙම ගීතය පසුව විවිධ සමාජ ජාලා මගින් නැවත නැවත නිර්මාණ කිරීමේ මූලාශ්‍රයක් බවට පත් විය.
යොහානි ලැබූ ප්‍රසංග ආරාධනාවක් හේතුවෙන් ඇය ගීතයේ මුල් නිර්මාණකරුවන් සමග ඉන්දිය සංචාරයකද නිරත වූවාය.