රජරට වෛද්‍ය පීඨය වසා දැමීමේ තත්වය ගැන ශිෂ්‍ය විරෝධය!

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ දීමනා කප්පාදුව ඇතුළු එම විශ්ව විද්‍යාලය අර්බුදයට ඇද දමන තීන්දු ගැනීම සම්බන්ධයෙන් ඊයේ(11) රජරට විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මහමගට බැස විරෝධතාවක් පැවැත්වූහ.

රජරට සරසවිය තුළ පැන නැගී ඇති ගැටලු විසදීම වෙනුවට වෛද්‍ය පීඨයත් අර්බුදයට යවමින් ආචාර්යවරුන්ගේ රදවා ගැනීමේ දීමනා අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමට උපකුලපතිවරයා විසින් කටයුතු සිදු කර ඇත. එම නිසා වෛද්‍ය පීඨ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානින් තනතුරු වලින් මේ වන විට ඉල්ලා අස් වී ඇති අතර ගැටලු කඩිනමින් විසදීමට බල කරමින් සරසවිය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වන ලදී.

Chandana Sirimalwatte :