රජරට ශිෂ්‍ය විරෝධතාවට ආණ්ඩුවෙන් පොලිස් ප්‍රහාර!

රජරට විශ්වවිද්‍යාලයේ සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින්ට අසාධාරණ ලෙස ලබා දී ඇති දඩුවම් අහෝසි කරන ලෙසත් ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(20) කැදවූ විරෝධතා පාගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ඇමෝනියා ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

රජරට වෛද්‍ය පීඨයේ අර්බුදය විසදන ලෙස ඉල්ලා සිටි එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින්ටද අග්නිදිග විශ්වවිද්‍යාලයේ අත්තනෝමතික පාලනය විසින් අසාධාරණ චෝදනා නගමින් ශිෂ්‍යයන්ගෙන් පලිගැනීම නවතා දමන ලෙස ඉල්ලා සිටි ශිෂ්‍ය ක්‍රියාකාරින්ටද පාලකයන් විසින් ශිෂ්‍යභාවය අහෝසිකිරීම දක්වා විවිධ දඩුවම් ලබා දී ඇත. අද දින ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සරසවි ශිෂ්‍ය ප්‍රජාව සමග මෙසේ විරෝධතා දැක්වූ අවස්ථාවේ කදුළු ගෑස්වලින් හා ඇමෝනිය ජල ප්‍රහාරවලින් පිළිතුරු දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දේශපාලන නිරීක්ෂකයන් ප්‍රකාශ කරන්නේ පසුගිය දිනවල, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට වත්මන් ආණ්ඩුවට බලය නැවත හිමි වියයුතු බවට අදහස් පළ කළ සහ විරෝධතා ගෙන ආ විවිධ දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ පාලනයට වඩා මෙම මර්දනකාරී පිළිවෙලේ වෙනසක් දකින්නේදැයි පිළිතුරු දියයුතු බවය.

Chandana Sirimalwatte :