රටේ බුද්ධි අංශ ශක්තිමත් මදි – අගරදගුරු

පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයෙන් ලංකාවේ ශක්තිමත් බුද්ධි අංශයක් නොමැති බව තහවුරු වන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ(22) යුධ හමුදාපති මහේෂ් සේනානායක හමුවූ අවස්ථාවේ පවසා ඇත.

එසේම හරීන් ප්‍රනාන්දු තමන්ගේ පියා විසින් අනතුරු ඇඟවීම හේතුවෙන් පාස්කු දේව මෙහෙයට නොගිය බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා එය දැනසිටියා නම් ජනතාවට දැන්විය යුතුව තිබූ බවද අගරදගුරුවර පවසා තිබේ.

මෙහිදී හමුදාපතිවරයා පවසා ඇත්තේ ආරක්ෂක අංශ හදිසි අවස්ථාවක ක්‍රියාකළ හැකි ආකරයට බලතල ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.

Sithara Sajeewani :