Posted on 04.01.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ සමාජ සාධාරණත්වයට අමතරව ජනතාවට හමුදා පුහුණුවක් හරහා විනයක් ලබාදීමට අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
සිංගප්පූරුව අද දියුණුව තිබෙන්නේ හමුදා විනය හේතුවෙන් බවද ඔහු පවසා තිබේ.
ඔහු මේ බව පැවසුවේ වීරවිල පැවති යොවුන් පුර වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමිනි.
රට නිසි පරිදි සංවර්ධනය වීමට නම් විනයගත පුද්ගලයන්, ආර්ථික සංවර්ධනය සහ සමාජ සාධාරණත්වය අවශ්‍යයි. මේ කාරණා තුනෙන් එකක් හෝ අඩුවුනොත් රට සාර්ථකත්වයට ගෙනියන්න බැහැ. සිංගප්පූරුව දියුණු වුනේ හමුදා පුහුණුව නිසයි. අද ලංකාවට දියුණුවීම සඳහා අවසන් අවස්ථාව ලැබී තියෙනවා.”
ජේ ආර් පාලන සමයේ රටේ ආර්ථිකය දියුණු කිරීමට අදාළව ඔහු පැවසූ ජනප්‍රිය කියමනක් වූවේ ලංකාව සිංගප්පූරුවක් කරන බවයි. ඔහු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ගොස් කම්කරුවන්, ශිෂ්‍යන්, සුළුතර ජනතාව වෙත විශාල මර්දනයක් මුදාහරින ලදී. රනිල් වික්‍රමසිංහ එම ආණ්ඩුවට දායකත්වය දැක්වූවෙකි. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දරන ආණ්ඩුවද නව කම්කරු නීති, ප්‍රති ත්‍රස්ත පනත් හඳුන්වා දෙමින් පොදු ජනතාව වෙත අලුත් වටයකින් මර්දනයකින් මුදාහැරීමට සූදානම් වෙමින් තිබේ. මෙම ප්‍රකාශය නිකම්ම නිකම් සරළ ප්‍රකාශයක් ලෙස නොගෙන ඔහුගේ දේශපාලන ඉතිහාසය සමඟ සම්බන්ධ වෙමින් සිතා බැලිය යුත්තකි.