ඔක්තෝබර් 26ට පෙර එක්සත් ජාතික පෙරමුණ එ.ජ.නි.ස. මන්ත්‍රිවරුන්ගේ සහයෝගයෙන් පවත්වාගෙන ගිය ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානය සහාය ලබා දෙන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයෙන් පසුව පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගැන ද දෙමළ ජාතික සන්ධානය ජනපතිවරයාට ලියු ලිපිය තුළ කරුණු සඳහන් කර තිබේ.
මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන බහුතරයක් සහිතව ආණ්ඩුවක් පිහිටුවන්නට එ.ජා.පෙ. සමත් බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය ලෙස පසුගිය කාලයේම හදුන්වන ලද රාජපක්ෂ කණ්ඩායමට පාර්ලිමේන්තු ආසන 105ක බලයක් තිබිණි. අද දින විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුව ඔහු එම කණ්ඩායමෙන් ඉවත්වන බවට ඉගියක් ලෙස සැළකිය හැකිය. ජනතා විමුක්ති පෙරමුන කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බව කල්තබාම ප්‍රකාශ කරන ලදී.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 14 දෙනකුගේම අත්සන් සහිත මේ ලේඛනය අනුව එ.ජා.පෙ. වෙත බහුතර බලයක් පාර්ලිමේන්තුවේ ඇතිකරගන්නට හැකිවන බව පෙනී යයි.