Posted on 01.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය මැඩලීමේ හා ආසාදන ව්‍යාප්තිය වැළැක්වීමේදී විද්‍යාත්මක ක්‍රියාදාමයකට අවස්ථාව ලබාදීම මිස මිත්‍යාවන් පසුපස යාම නතර කළ යුතු බව පරිසර අමාත්‍යංශ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ආකස්මික බලයන් හෝ වෙනත් මිත්‍යාමය විශ්වාස හෝ ආගමික මත ඔස්සේ වසංගතය සම්බන්ධ කටයුතු කරනවාට වඩා ලොක්ය පුරා ව්‍යාප්තවන වසංගතයක අනතුර වළක්වා ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයන්ට මුල් තැන ලබා දිය යුතු බව ඔහු අවධාරනය කර ඇත.
“අප අද කළ යුත්තේ මූලික් වශයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීම මිස මිත්‍යා විශ්වාස අනුව යාම නොවේ. අපේ රටේ එක් පිරිසක් විද්‍යාත්මක පියවර ඔස්සේ කොරෝනා වසංගතය සම්බන්ධ කටයුතු කරගෙන යද්දි තවත් පිරිසක් මිත්‍යාවන් පසුපස යනවා. ලෝකය පුරාම මේ වසංගතය සම්බන්ධ නව සොයාගැනීම්, නව ප්‍රවේශයන් වගේම ප්‍රතිකාරයන් සම්බන්ධ පර්යේෂණ සිදුවෙනවා. මා ඉල්ලා සිටින්නේ ජනාවට මේ වසංගතය වළක්වා ගැනීමේ ප්‍රමුඛතාව ගැන සළකමින් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දිවා රෑ නොබලා කරන කැප කිරීමට අවස්ථාවක් දෙන්න කියලා”
කොරෝනා පළමු රැල්ල රට තුළ පරාජය කිරීමේදී නායකත්ව කාර්යභාරයක් ඉටු කළ වෛද්‍ය ජාසිංහ පවසයි.
මේ වනවිට කොරෝනා වැළැක්වීමේ එන්නත් 5ක් හඳුන්වාදී තිබෙන බව පවසන ඔහු වසර මැදවන විට ඒ එන්නත් සම්බන්ධ සියලු පර්යේෂණ අවසන්ව නිසි අනුගමැතිය හිමිවනු ඇති බව අනුමාන කරයි.