Posted on 07.20.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රුපියල් දහසේ වැටුප් වැඩිවීම නිසා වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පළි ගන්නා බවට වාර්තා රැසක් ලැබී ඇතැයි වෘත්තීය සමිති පවසයි.
සාකච්ඡා වාර රැසක් පවත්වා විසඳුමට නොපැමිණීම නිසා පඩි පාලක සභා මගින් එම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ පසු, දැන් වතු සමාගම් කම්කරුවන්ගේ සුභසාධන කප්පාදු කරමින්,වෘත්තිය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දැඩි පළිගැනීම්වලට එම පිරිස් ලක් කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බව වෘත්තීය සමිති නායකයන් විසින් කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වාට දන්වා ඇත.
එසේම ඇතැම් වතු කම්කරුවන්ට රුපියල් 1000 දීමනාව මූලික වැටුප ලෙස ලබා නොදෙන බවත් වෙනත් දීමනාත් සමඟ එකතු කොට රුපියල් 1000ක් ලබාදෙන බවටත් චෝදනා එල්ල වෙමින් පවතියි. ඊට අමතරව දරාගත නොහැකි දෛනික වැඩ ඉලක්ක ලබාදී එම වැඩ ඉටුකිරීමට නොහැකිවූ විට දෛනික වැටුප කප්පාදු කරන බව වතු වෘත්තීය සමිති පවසයි. එසේම නිවාඩු දිනවල වැඩ කිරීමේදී සහ සාමාන්‍ය දිනවල වැඩකිරීමේදී ලබාදුන් අමතර දීමනා කපා දමා තිබේ.
ඊට අමතරව වසංගතය හේතුවෙන් සේවයට යොදාගත හැකි ප්‍රමාණය 50%ක් බවට රජය චක්‍රලේඛ නිකුත් කොට තිබුණද වතු සමාගම් විසින් එය අනුගමනය නොකර වතු කම්කරුවන්ගේ ජීවිත අවදානමේ හෙළා ඇති බවද වෘත්තීය සමිති චෝදනා කරයි.