රේගු වෘත්තිය අරගලය අවසන්!

පී.එස්.එම්.චාර්ල්ස්, හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි එම ධුරයේම පිහිටුවීමට ඇමති මණ්ඩලයෙන් තීරණය කිරීමත් සමගම රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(5) 7 වැනි දින අවසන් විය.

ඒ අනුව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය මඟින් ඉවත් කර ගනු ඇත. ඇයව රේගු අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු එම තනතුරට පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කර මුදල් ඇමැති මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂක ජනරාල් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරිමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇත.

Chandana Sirimalwatte :