Posted on 06.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොලිසිය විසින් අපරාධ කල්ලි සාමාජිකයන් වැටලීමේදී පුද්ගලයන් මිය යාම මෙන්ම පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ පවසයි.
දිගින් දිගටම සිදුවන මෙබඳු සිදුවීම් හා පුද්ගල ඝතාන පිළිබඳ හැකි ඉක්මනින් ස්වාධීන පරීක්ෂණ සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමිනි. සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බවද ඇය එහිදී වැඩිදුරටත් කීවාය .
එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ක්රියාත්මක වීමේ ප්රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද මානව හිමිකම් ගැන ලංකාආණ්ඩුව සමඟ සහයෝගයෙන් ඉදිරි කටයුතු කරන්නට අපේක්ෂා කරන බවද මිචෙල් බැචෙලේ සිය දේශනයේදී පවසා තිබේ.