Posted on 08.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් බ්‍රිතාන්‍ය පොලිසියේ විශේෂ ඒකකය විසින් ගෙන ගිය වැඩසටහන විරෝධතා හේතුවෙන් අත්හිටුවන්නට තීරණයකර ඇත.
නිව් යෝර්ක්හි පිහිටි Human Rights Watch සංවිධානයමෙම විරෝධතා ඉදිරිපත්ක ඇති බව බ්‍රිතාන්‍යයේ පළවන The Times වෙබ් අඩවිය වාර්තා කරයි. ලංකාවේ ආණ්ඩුව, “වගවීම සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ ක්‍රියාමාර්ග සම්බන්දයෙන් ප්‍රගතියක් දක්නට ලැබෙන තුරු ආධාර වැඩසටහන් අත්හිටුවන ලෙස” ඉල්ලා ඇති බව එහි සඳහන් වේ.
වසංගතය අතරතුරදී පවා නීති විරෝධී මිනීමැරුම්, වධ හිංසා සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ඇතුළු ලංකාවේ පොලිසියට අදාළව එල්ල වී ඇති චෝදනා ප්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇති බව Human Rights Watch වාර්තා කර තිබේ.
ලංකාවේ පොලිසිය ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීම කිරීම වෙනුවට ඔවුන්ගේ අතීත වැරදි පිළිබඳ වාර්තාමය තත්වයක් ගොඩනැගීමට අදහස් කරන බව එම සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය වෙබ් අඩවිය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය රජය මැදිහත්වී වියදම් දරමින් මෙරට පොලිසියට මහජන කටයුතු නොමිලයේ පුහුණු වැඩසටහන් ලබා දෙනු ලබන බව ප්‍රකාශිත කාරණය වුවද මර්දන ක්‍රියාදාමයට ලබා දෙන පුහුණුව කිසිදා ප්‍රසිද්ධ කරුණු ලෙස අනාවරණය නොවේ. විශේෂයෙන් 1970 දශකයේ සිට වරින්වර බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදා විසින් මෙරට මර්දන යාන්ත්‍රණය සඳහා විශේෂ පුහුණුවීම් ලබා දී ඇත. 1989 අරගලය මර්දනයේදී මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය විශේෂඥයන් අරගලය මර්දනය පිණිස විශේෂ පුහුණුවක් ලබා දුන් බව අනාවරණය වී ඇත.
