Posted on 11.08.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඊයේ (07)සිට ලංගම සේවකයන් සඳහා වැඩිකිරීමට නියමිතව තිබූ වැටුප් වැඩිකිරීම නවතා දැමීම හේතුවෙන් ලංගම සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. පසුගිය කාලය මුළුල්ලේ විටින් විට වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ලංගම සේවකයින් වැඩවර්ජනවල නිරත වී තිබේ.
ඉන් පසු ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා පොරොන්දු වූවේ මෙම මස වැටුප් වැඩිකරන බවයි. නමුත් පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම වැටුප් වැඩිකිරීම නැවතී ඇති බව වාර්තා වේ.
ලංගම වැටුප් වැඩකිරීම සිදුවන්නේ වසර 10ට වරකි.
දිවයින පුරා ලංගම සේවකයන් ගෙන ගිය විරෝධතා ව්‍යාපාර අතුරින් කෑගල්ල ඩිපෝවේ විරෝධතා පෝස්ටර් අපගේ ඡායාරූපයට හසු විය.
