தமிழ்
English
Contact
Monday 28th June 2021    
ලයිසියම් පෞද්ගලික පාසල රජයට පවරාගන්න - දෙමව්පියන් විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලයිසියම් පෞද්ගලික පාසල රජයට පවරාගන්න – දෙමව්පියන් විරෝධතාවයක



ලයිසියම් පෞද්ගලික පාසලට එරෙහිව දෙමාපියන් විසින් ගම්පහදී පසුගිය 24 වන දින විරෝධතාවයක් පවත්වා තිබේ.

තම දරුවන් මෙම පාසලට ඇතුලත් කලේ කේම්බ්‍රිජ් විභාගය වෙනුවෙන් බවත් පාලනාධිකාරිය විසින් දැන් එඩෙක්සෙල් විභාගය දරුවන්ට ලබා දෙන බවත් විරෝධතා කරුවන් පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ගුරුවරුන්ට මූලික වැටුප පමණක් ගෙවන බවත් විරෝධතා කරුවන් පවසා ඇත.

එමෙන්ම අසාධාරණ අය කිරීම් පාලනාධිකාරිය විසින් සිදුකරන බවත් පෙන්වා දෙන දෙමාපියන් පවසන්නේ මෙම පෞද්ගලික පාසල රජයට පවරාගන්නා ලෙසයි.