தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට ඉන්දියානු ජාතික පිරිමි සිරුරක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට ඉන්දියානු ජාතික පිරිමි සිරුරක් !



සෞදි අරාබියේ ගෘහ සේව හදිසියේ මිය ගිය ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට වෙනත් ඉන්දියානු ජාතික පිරිමි සිරුරක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.

මාවනැල්ල මාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි ඒ.ආර්.බණ්ඩාර මැණිකේ නැමැති කාන්තාවගේ මළ සිරුර භාර ගැනීම සඳහා පැමිණ සිටි ඥාතීන් මෙම මළ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ විමසා බල එය ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකුගේ බව අනාවරණය වී තිබුණි.

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළේ ගල්ෆ් ගුවන් සේවා කාර්යාලයට භාර දී තිබුණේ එම මළ සිරුරු අදාළ රටවලට යැවීම සඳහාය. එහෙත් එහිදී සිදු වූ වැරදීමකින් මෙම මළ සිරුරු දෙක මාරු වී ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ගල්ෆ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි.