Posted on 04.21.2019 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
අද(21) සිදුව ඇති පිපිරීම් සිදුවීම් 8ක් තුළ මියගියවුන් 207ක් සහ තුවාල ලැබුවන් 450ක් වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද ආරක්ෂක අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවෙදී නිවේදනය කළේය.
මෙම මරණ අතර විදේශිකයන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ මරණද ඇතුළත්වන බව පොලිසිය පවසයි. කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 66ක්, මීගමුව රෝහලේ මෘත ශරීර 104ක් මඩකලපුව රෝහලේ මෘත ශරීර 28ක් සහ සහ රාගම රෝහලේ මළසිරුරු 7ක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරයි.
දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අද උදෑසන කොළඹදී සිදුවූ පිපිරීම්වලින් මියගිය අය අතර විදේශිකයින් 9 දෙනෙක් සිටින බව ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ වනවිට දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවල රාජකාරි කරන නිලධාරින්ගේ නිවාඩු අවගංතු කර ඇත.