Posted on 03.19.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයකයින්ගේද රුපියල් 2500න වැටුප් ඉහළ දැමිය යුතු බව හිටපු කම්කරු ඇමතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසා ඇත.
කම්කරු අමාත්‍යංශය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිට පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් ඉහල දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් විය. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රජයේ සේවකයන්ට සුළු වැටුප් වැඩිවීමක් ලබාදුන්නද පෞද්ගලික අංශ කමකරුවන්ගේ වැටුප් වැඩි නොකරන ලදී. ඒ ආණ්ඩුවේ කම්කරු ඇමති ධූරයක්ද දැරූ ගාමිණී ලොකුගේට පෞද්ගලික අංශ කම්කරුවා මතක් වී ඇත්තේ විපක්ෂයට පැමිණි පසුයි. එසේම මේවනවිට පෞද්ගලික අංශ කම්කරුවන් ඉල්ලා සිටින්න 2500ක වැටුප් වැඩිවීමක් නොව රුපියල් 25000 ක මූලික වැටුපක් ලබාදෙන ලෙසයි.