ලොව වයස්ගතම සරණාගත කාන්තාව බිබිහාල් උස්බෙකි ස්වීඩනයෙන් නෙරපයි

ලොව වයස්ගතම සරණාගත කාන්තාව වන ඇෆ්ගන් ජාතික බිබිහාල් උස්බෙකි පසුගියදා ස්වීඩනයෙන් නෙරපා හැරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

බිබිහාල් උස්බෙකි යනු ඇෆ්ගනිස්ථාන සරණාගත කාන්තාවකි. ඇයට මේ වන විට වයස අවුරුද් 106කි. ඇය 2015 වසරේ සිට දේශපාලන රැකවරණ පතා ස්වීඩනයේ රැදී සිටියාය. නමුත් පසුගියදා එරට ආගමන විගමන කටයුතු සම්බන්ධ ප්‍රධානියාගේ නිගමනය වී තිබෙන්නේ මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පවතින යහපත් තත්වය හේතුවෙන් ඇයට ස්වීඩනය තුල සරණාගත තත්වයක් පිරිනැමීමට අවශ්‍ය නොවන බවයි.

මේ බව ඇයට පසුගියදා දන්වා ඇති අතර ඉදිරි දිනයකදී ඇයව නැවන ඇෆ්ගනිස්ථානය වෙත යැවීමට කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය සමග ඇයගේ පවුලේ උදවිය ස්විඩනය වෙන ඉතා දුෂ්කර ගමනකින් පසුව සිය ජීවිත දැඩි අවදානමකට ලක් කර පැමිණීමට සමත්වූවාය. ඔවුන් සියලු දෙනො දින 20ක් තුල ඉරානය, තුර්කිය, ග්‍රීසිය, කොඒෂියා, හා ජර්මනිය හරහා ස්විඩනය වෙත පැමිණ ඇත.

එහිදී වෛද්‍යවරයකු වසින් ඇයට රෝද පුටුවක් ලබාදීමට කටයුත් කර අඇ. ඉන් පසුව ඇයව රෝද පුටුවේ ආධාරයෙන් සිය ගමන යම් පහසු තත්වයකට පත්ව ඇත. 2015 වසරේ අවසානයේ ඇයට ස්වීඩනයේ ස්කර්බර්ග් දක්වා පැමිණීමට හැකියාව ලැබුනි කෙසේ වෙතත් පසුගිය ජුනි මස ඇයගේ සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ස්වීඩන් බලධාරීන් කටයුතු කර තිබුනි.

ඇය එම තීරණයට එරෙහිව ඈපෑලක් ඉදිරිපත් කළත් අවසානයේ ස්වීඩන් බලධාරීන් විසින් ඇයව ස්වීඩනයෙන් නෙරපා හැරීමට කටයුතු කර ඇත. වයස 106 වන බිබිහාල් උස්බෙකිට සරණාගත තත්වය නොදීමෙන් පෙනීයන්නේ ඇෆ්නිස්ථානයේ තිබෙන ස්වාභාවික සම්පත් තරම් ස්වීඩනයට නොවටිනා බවයි.

Madanayaka :