Posted on 07.18.2019 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
එංගලන්තයේ පැවැත්වෙන ලෝක කාන්තා නෙට්බෝල් තරගාවලියේ පළමු ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
සිංගප්පූරුව හා ලංකාව අතර පැවති තරගයේදී ලකුණු 88-50ක ජයක් වාර්තා වූ අතර ජයග්‍රාහී ගෝල සංඛ්‍යාවෙන් 76ක්ම ලබාගෙන ඇත්තේ සමස්ත 2019 තරගාවලියේ මේතාක් වැඩිම ලකුණු සංඛ්‍යාව හිමිකාරගත් තර්ජිනී සිවලිංගම් ය.
නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හිදී ජුලි 12දා ආරම්භ විය. මෙවර තරගාවලියට රටවල් 16ක් තරග කරන අතර වත්මන් ආසියානු නෙට්බෝල් ශූරියන් වන ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් ය.
අවසන් වරට පැවති නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලි තුනෙහිම ශූරියන් බවට පත් වූයේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් මේ දක්වා දිනා ඇති නෙට්බෝල් ලෝක කුසලාන සංඛ්‍යාව 11කි.