Posted on 09.08.2018 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
අද (08) ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ජයග්රහණය ලබා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය.
හොංකොං කණ්ඩායම සමග පැවති එම තරඟයේදී 55ට 46ක් ලෙස ලංකා පිල ජයග්රහණය කරන ලදී. ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ සහභාගී වූ තරඟ සියල්ල ජය ගනිමින් අපරාජිත කණ්ඩායම ලෙස ලංකා ක්රීඩාකාවන් විශේෂ සමත්කම් දක්වන ලදී.
මේ අතර සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම 51-43 ලෙස මැලේසියාව පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබූහ.
ආසියානු දැල්පන්දු තරඟාවලියේ අවසන් තරඟය හෙට (09) සිංගප්පූරුවේ වෙලාවෙන් සවස 4.00ට පැවැත්වේ.