தமிழ்
English
Contact
Sunday 1st August 2021    
වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයට යෙදවීම ගැන වගකියන්න ඕනා දෙමව්පියන් - පලනි දිගම්බරම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයට යෙදවීම ගැන වගකියන්න ඕනා දෙමව්පියන් – පලනි දිගම්බරම්



වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයට යැවීමෙන් ඇතිවන අවාසනාවන්ත තත්ත්වයන්ට එම දරුවන්ගේ දෙමාපියන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව හිටපු ඇමැති පලනි දිගාම්බරම් පවසා තිබේ.

වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමට හේතුවී ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන් රැකියාවන්හි නිරත නොවීම නිසාවෙන් බව කී හිටපු ඇමතිවරයා දරුවන් ලවා මුදල් හම්බ කර ගන්නා දෙමාපියන්ට දඬුවම් ලබා දීමට මෙරට නීතිය වෙනස් කළ යුතු බව ද සදහන් කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පලනි තිගාම්බරම් මෙසේ ද පැවසීය.

වතුකරය තුළ පමණක් නොව අද වන විට සමස්ත රටේම ජනතාව දුප්පත්කමින් පෙලෙමින් සිටිනවා. දරුවන් මෙහෙකාර සේවයට යෙදවීමේ වයස් සීමාවන් වෙනස් කිරීමෙන් පමණක් ඉෂාලිනි ජූඞ් වැනි දරුවන්ගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැහැ.

‘‘ අද වතුකරයේ ඉන්නේ හොඳට හම්බ කරන ජනතාවක්. වතුකරය දුප්පත් කියලා හෑල්ලූ කරන කතාවට මම විරුද්ධයි. ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු ග‍්‍රාමසේවකවරු මන්තී‍්‍රවරු ඇමැතිවරු වතුකරයෙන් බිහිවෙලා ඉන්නවා. කියන තරම් දුප්පත්කමක් වතුකරයේ නැහැ. සමහර දෙමාපියෝ තමයි තමන්ගේ දරුවන් මෙහෙකාරකමට යවලා මුදල් හම්බ කර ගන්නේ. ඒ අයට නඩු දාලා නීතිය කි‍්‍රයාත්මක නොකළොත් ඉෂාලිනිලාගේ වගේ සිද්ධි ඉදිරියටත් ඇතිවෙයි. ඉස්සර වතුකරයේ දරුවන්ව වයස අවුරුදු දහසයක් වන විට වතුවල තේ කඩන්න දැම්මා. අද එහෙම නෑ. ඒ අය හොදට ඉගෙන ගන්නවා. දැන් දරුවන් වැඩට යවන වයස දහඅටක් දක්වා වැඩි කරනවා කියලා කියනවා. නමුත් එහෙම වුණත් තමන්ගේ දරුවන් යවනවාද කියලා තීරණය කරන්න ඕනේ දෙමාපියන්.

වතුකරයේ ජනතාවගේ ගැටලු නියෝජනය කරනවා යයි කියන දේශපාලනඥයින් ද අවසානයේ සිදුකරමින් සිටින්නේ එම එම ගැටලුවලට විසඳුම් හෙවිම නොව එම ජනතාවටම වරද පැටවීමයි.