Posted on 07.29.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජියකු වශයෙන් පත්කර ඇත.
ජුලි 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති මෙම පත්වීම වසර 3 කාලයක් සඳහා සිදුකර ඇති බවද පොලිස් මුලස්ථානය කියයි.
දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, හා රථවාහන යන තනතුරු වලට අමතරව ඔහු මින් ඉදිරියට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයකු ලෙස කටයුතු කරනු ඇත.