Posted on 11.27.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වතු කම්කරුවන් සඳහා යෝජිත වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක නොකරන්නේ නම් වතු සමාගම්වල සහාය නොදෙන බවට රජය කිසි විටක ප්‍රකාශ කර නොමැති බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පවසයි.
දිනපතා පුවත්පතකට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ” වතු කම්කරුවනේ වැටුප රු 1000 දක්වා වැඩි නොකළොත් වතු සමාම්වලට සහාය නොදෙන බවට අපි ප්‍රකාශක කරලා නැහැ.
2021 අයවැය ආරම්භයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය මේ සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී කරන ලද අදහස් දැක්වීම බව ඔහු පැවසීය.
වතු අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප රු. 1,000 ක් කරන බවට අගමැතිවරයා පොරොන්දු වුණා. ඉන් අනතුරුව රජය විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශ කිසිවක් කර නැහැ.”
මෙම ගැටළුව විසඳීම සඳහා රජය වතු සමාගම් සමඟ සාකච්ඡා කරනු ඇති බව වැවිලි කරමාන්ත ඇමතිවරයා පවසා ඇත.
“අපි වතු සමාගම් එක්ක සාකච්ඡා කරනවා. ඔවුන් සුබවාදී පිළිතුරක් දෙයි කියලා බලාපොරත්තු වෙනවා. සාමූහික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙන ලබන පෙබරවාරි මාසය වෙනකොට මෙය විසඳීමට අපි බලාපොරොත්තු වෙනවා. ”