Posted on 06.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) වසංගතය නිසා සම්පූර්නයෙන් බිඳවැටී ඇති පාසල් අධ්‍යාපනයත් උසස් අධයාපනයත් යළි ආරම්භ කිරීම අවශ්‍යතාවක් ලෙස සළකමින් විවිධ ජනතා සංවිධාන රාශියක මූලිකත්වයෙන් කඩිනම් පියවර ගැනීමේ යෝජනාවලියක් ආණ්ඩුව වෙත ඉදිරිපත්කර ඇත.
කෝවිඩ් 19 වසංගතයට වසරක් ගෙවී යද්දී තවමත් නැවතත් පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. පසුගිය වසරේ මාර්තු 10 දින පාසල් පද්ධතියත්, මාර්තු 15 දින විශ්වවිද්‍යාල පද්ධතියත් වසා දමන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් වසංගත තත්ත්වය ඉදිරි වර්ෂ කිහිපයක් පුරා බලපැවැත්වෙනු ඇති බවට පුරෝකථනය කර ඇති පසුබිමක වසංගත තත්ත්වය පවතින මුළු කාලය පුරාම පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම කළ නොහැකිය.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද සකසමින් පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙතෙක් සාකච්ඡාවට නොගැණිනි. පාසල් විවෘත කරන බව අවස්ථා කීපයකදීම නිවේදනය කළ ද චක්‍රලේඛ ගැසීම විනා ඒ සඳහා කිසිඳු සෞඛ්යාරක්ෂිත සූදානමක් රජය පාර්ශවයෙන් නොතිබිණි. අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වීමේදී සෞඛ්‍යාරක්ෂාව සැලසීම සඳහා එක් විභාග මධ්‍යස්ථානයකට වෙන් වූයේ රු.1000 ක් පමණි. පසුගිය අප්‍රේල් 04 දින පූර්ණ ලෙස පාසල් විවෘත කළද එය සති කිහිපයකට පමණකි.
එසේම විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා කිසිඳු ආකාරයක සූදානමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට නොතිබිණි. සිසුන් ලක්ෂ 40 ට අධික පිරිසක් සිටින පාසල් පද්ධතිය විවෘත කිරීම තරම් විශ්වවිද්‍යාල විවෘත කිරීම සංකීර්ණ නොවේ. අවශ්‍යවන්නේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කෙරෙන සැලසුම් සහගත වැඩපිළිවෙළකි.
මේ මොහොතේ වසංගතයද පවතින්නේ සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහුණු තත්ත්වයක වුවත් එය යම් පාලනයකට නතුකරගත් වහාම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව, ගුණාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැසුම් සහගත මෙහෙයුමක් අරම්භ කළ යුතුය.
එහෙයින් විශ්වවිද්‍යාල ආචාර්යවරු, අධ්‍යාපනඥයන්, ගුරු සංගම්, ශිෂ්‍ය සංවිධාන, වෙනත් වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු පාර්ශව රැසක් සමඟ සාකච්චා කොට වසංගතය තුළ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව වූ යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මූලිකත්වය ගෙන තිබේ.
යෝජිත වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා දායකත්වය සැපයු ආචාර්යවරු ඇතුළු සම්පත්දායකයන් සහ සංවිධාන පහත සඳහන් වේ.