Posted on 07.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දරුවන් මෙහෙකාර සේවයේ නොයොදනු-අපයෝජනවලට එරෙහිවනු ! යන තේමාවෙන් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින් අද(30) කෝට්ටේ, ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.
ළමුන් මෙහෙකාරකමට යෙදවීම, ලිංගික අපචාරවලට ගොදුරු කිරීම ඇතුළු තත්වයන් සම්බන්ධ සමාජ අවධානයක් යොමුව ඇති අතර විශේෂයෙන් මෙහිදී රාජ්‍ය මැදිහත්වීමේ සීමාවන් ප්‍රශ්න කෙරේ. නීති මගින් පමණක් මෙවැනි අපරාධ වැළැක්විය නොහැකි නමුත් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවට දේශපාලන බලය හා ධනබලය නිසා නීතිය අක්‍රිය කෙරෙන අධිකරණය තුළ පවා සාධාරණයක් නොවන තත්වය අවධානයට යොමු විය යුතුය.
මෙම පසුබිම තුළ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් දැනුවත් කිරිමේ හා විරෝධය දැක්වීමේ වැඩසටහන් සංවිධානය කර ඇත.
විරෝධතාවයේ අවස්ථා පහතින්