தமிழ்
English
Contact
Friday 3rd May 2019    
වසර 3කින් ගුරු අභ්‍යාසලාභීන් බදවාගෙන නෑ - ඉක්මනින් ගුරු හිගයක් එන ලකුණු ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වසර 3කින් ගුරු අභ්‍යාසලාභීන් බදවාගෙන නෑ – ඉක්මනින් ගුරු හිගයක් එන ලකුණු !



වාර්ෂිකව දිවයින පුරා අධ්‍යාපන විද්‍යාපීඨවලට ගුරු සිසුන් 3500ක් පමණ පුහුණුව සඳහා බඳවා ගන්නා නමුත් වසර තුනකින් එම බඳවා ගැනීම් සිදුකර නැතැයි වාර්තා වේ.

අධ්‍යාපන විද්‍යාපීඨ වලට වසරකට අවසන් වරට 2015 ගුරු අභ්‍යාසලාභින් බදවාගෙන ඇති නමුත් 2016 , 2017 සහ 2018 වසර සඳහා බඳවා ගැනීම් සිදුකර නැත. රටපුරා අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වාර්ෂිකව ගුරු පුහුණුව සඳහා අධ්‍යාපන විද්‍ය ඩිප්ලෝමා අපේක්ෂකයන් බඳවා ගැනීම සිදුකරනු ලබන අතර එම ඩිප්ලෝමාධාරි ගුරු අභ්‍යාසලාභින්ට වාර්ෂික ගුරු පත්වීම් ලබාදීම ගුරු හිගය පියවාගැනීමේදී වැදගත් වේ. මෙසේ තුන් වසරකදී ගුරු වෘත්තික අභ්‍යාසලාභින් බදවා නොගැනීමෙන් ඉදිරියේදී විශාල ගැටලු ඇති විය හැකි බව ගුරු වෘත්තිය සමිති පවසයි.