වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
අයවැය කාරක සභා විවාදයට එක්වෙම්න් අද (27) පාර්ලිමේන්තුවේදී රතන හිමියෝ මේ බව පැවසුහ.
රතන හිමි පැවසුවේ “ඉස්සර ගම්වල දියවැඩියා රෝගීන් හිටියේ නැහැ. නමුත් අද ගොවියන්ට පවා දියවැඩියාව හැදෙනවා. මෙයට හේතුව ලෙස හොයාගෙන තිබෙන්නේ රසායනික ආහාර නිෂ්පාදන සමාගම් ආහාර කල් තබාගැනීම, නිමි ආහාර සැකසිම හා පරිභෝජනය ආදිය සිදුවන නිසා මේ දේවල් වැඩියි.”
මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි ද මේ රටේ අනුරාධපුරය , පොළොන්නරුව ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවකම වස විසෙන් තොර ආහාර පාන වගාකළත් රජය මගින් පොහොර ලබාදීම හේතුවෙන් එය කඩා දැමීම සිදු කළ බවද අතුරලියේ රතන හිමි පසුගියදා (25) ගම්පහ පැවති උත්සවයකදී පවසා තිබුණි.