Posted on 05.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්රාෙද්ශීට යාන්ත්‍රික ඉංජිනේරුවන්ට වසංගත තත්වය යටතේ සිදුවන නිවාඩු අහිමි කිරීම් සම්බන්ධයෙන් ‘කම්කරු අරගල මධ්‍යස්ථානය‘ විසින් විරෝධය පළකර ඇත.
පවතින සංචරණ සීමා යටතේ සේවය කිරීමේදී සිදුව මෙම අසාධාරණය වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරින් වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමටද ‘කම්කරු අරගල මධයස්ථානය‘ පියවර ගෙන ඇත.
එම ඉල්ලීමේ මෙසේද සඳහන් වේ.
“මේ වනවිට පවතින කොඩිව් වෛරස් තත්වය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා ඇත. රාජ්‍ය සේවය අවම මට්ටමින් පවත්වාගෙන යාමට අදාළව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාන අමාත්‍යාංශ ලේකම්වරයා අපේල් 27 සහ මැයි 10 යන දින තුළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇත. ඊට අමතරව ඔබ විසින් ද දෙපාර්තමේන්තුවට අදාළව 2021 අපේ‍්‍රල් 29 දින කොවිඞ් – 19 සඳහා සේවා ස්ථාන සූදානම් කිරීම සම්බන්ධ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
එකී චක්‍රලේඛ අනුව පවතින තත්වය හමුවේ ඔබ දෙපාර්තමේන්තුව යටතේ රාජකාරි කරන ප්‍රාදේශීය යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරීන්ට නිවාඩු ලබානොදෙන බවට අපට වාර්තා වේ.
02/2021 (ii) හා 2021.05.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් පවතින වසංගත තත්වය හමුවේ සේවා මුර ක්‍රම අනුගමනය කරන ලෙස අවධාරණය කර ඇත.
මේ පිළිබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකොට රාජ්‍ය සේවයේ සැමට අදාළ නිවාඩු, ඔබ දෙපාර්තමේන්තුව යටතේ රාජකාරී කරන යාන්ත්‍රික ඉංජිනේරුවන්ටත් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලමු”