වැඩබලන පොලිස්පති ධූරයට චන්දන වික්‍රමරත්න පත් කෙරේ

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

ඔහුට හිමි පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මීට සුළු මොහොතකට පෙර පිරිනමන ලදී.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව එවන ලද බුද්ධි තොරතුරු නිසිපරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබිණ. එහෙත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.

ලංකාවේ ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා ඉවත්කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් පසුව පමණි. එහෙත් එය ඉතා දීර්ඝ ක්‍රමවේදයකි.

ඒ අනුව පොලිස්පතිවරයා ඉල්ලා අස්නොවන තත්ත්වයකදී, ඔහුව පාර්ලිමේන්තු සම්මත වීමකින් හෝ ඉවත් නොකර වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමේ හැකියාව පවතියිද යන ගැටලුව පවතියි.

Sithara Sajeewani :