Posted on 03.22.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදුලි බල විසන්ධිවීම් දිගින් දිගටම පැවතිය හැකි බවට විදුලි බල මණ්ඩලයේ නිලධාරින් පැවසීම නිසා විදුලි බලය පිළිබද මින් පෙර නිල වඔයෙන් සිදුකළ නිවේදන පිළිබද සැක මතුවෙමින් තිබේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිදවැටීම් නිසා මෙම විදුලිය බිදවැටීම් ආරම්භ වූ බවට විදුලි බල මණ්ඩලය ඉක්මනින්ම ප්රකාශ කරන ලද අතර තවතදුරටත් ජල විදුලිය සම්බන්ධ ගැටලු නිසා විදුලිය සැපයුම ගැටලුවක්ව පවතින බවට මේ වනවිට විදුලි බල මණ්ඩලය ප්රකාශ කරයි.
ඒ අනුව නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්ර අලුත්වැඩියා කිරීමෙන් පසුවද විදුලි සැපයුම වරින්වර අත්හිටුවන තත්වය පිළිබද විදුලි බල මණ්ඩලයේ සැලසුමක් නොතිබීම සම්බන්ධව චෝදනා එල් වේ. වියළි කාලයට ජලාශ සිදී යන නිසා ජල විදුලිය ජනනය අවම වන බැවින් වෙනත් විදුලි ජනනය කිරීම් සදහා සැලසුම් කළ යුතුව ඇත්තේ විදුලි බලමණ්ඩලය වුවද එම වගකීම නිසි ලෙස ඉටු නොකර විදුලිය බිද වැටීම් සිදුවන හේතු ජනතාවට නිවේදනය කිරීම පමණක් විදුලි බල මණ්ඩලයේ රාජකාරිය බවට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති.