Posted on 10.12.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රෝගීන්ට හා කාර්යමණ්ඩලයට ආහාර සැපයීමේ ටෙන්ඩරය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුදල් නොගෙවීම නිසා එම රෝහලේ ආහාර සැපයුම නවතා දමා ඇත.
මේ වනවිට අම්බලන්ගොඩ දිසා රෝහලේ 21 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවයකරන අතර නේවාසිකව රෝගීන් 100කට පමණ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් ඇත. එසේවුවද දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඔක්තෝබර් 04 වනදා සිට ආහාර නොලැබෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.
එම සේවක සංගමය විසින් රෝහල් පරිපාලනයෙන් කළ විමසීමකදී හෙළිව ඇත්තේ මේ දක්වා රෝහලට ආහාර සැපයූ අයට මාස 03 කින් නියමිත ගෙවීම් සිදුකර නැති බවය. එසේ මුදල් නොගෙවීමත් ලබා දෙන මුදල ඉතා අඩු අගයක් නිසාත් ඉදිරි කාලයට ආහාර සැපයුම් ටෙන්ඩරය ලබා ගැනීම සදහා කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා රෝහල වෙත ආහාර සැපයීම නැවතී ඇත. වෙනත් රෝහල්වලද මෙබඳු තත්වයන් සිදුවෙමින් පවතින බව අප වෙත දැනගන්නට ලැබුණි.
රෝහල්වලට අවශ්‍ය වැයශීර්ෂ රජයේ ප්‍රතිපාදන මගින් නොලැබීම නිසා මේ ආකාරයට අත්‍යවශ්‍ය සේවාවක්වන රෝහල්වල ආහාර සැපයුම නැවතී ඇත.