විශ්ව විද්‍යාල විෂයමාලා සංශෝධනය සදහා හම්බන්තොට වරාය පාලනය කරන චීන සමාගම සමග සාකච්ඡා කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම්ට පවසයි.
අගමැතිවරයා මෙම උපදෙස් ලබා ද්නුනේ අද(17) සබරගමුව විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විවෘත කිරීමට සහභාලි වු අවස්ථාවේදීය. කර්මාන්ත කටයුතු සංවර්ධනය සදහා ශ්‍රමිකයන් අවශ්‍යව ඇති බැවින් ඊට ගැලපෙන පරිදි ශ්‍රමිකයන් බහිකරන්නට විශ්ව විද්‍යාල සමත් වියයුතු බවද ඒ සදහා විෂයමාලා වෙනස් කළ යුතු බවද අමැති රනිල් එහිදී පවසා තිබේ.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ලංකාවේ අධ්‍යාපනයේ විවිධ ගැටලු තිබියදී වුවද ලෝකයේ පිළිගත් වෘත්තිකයන් හා උපාධි, පශ්චාත් උපාධි සමාර්ථයන් පවත්වාගෙන යන අතර විෂයමාලා ගැටලුද ඇත. එහෙත් අගමැතිවරයා පවසන්නේ චීන වරාය සමාගම හරහා උපදේශකත්වය ලබාගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ විෂයමාලා වෙනස් කිරීමට බව පැහැදිලිය. උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය පවත්වාගෙන යා යුත්තේ රැකියා අවස්ථා අපේක්ෂා කරන මට්ටමෙන් නම් මෙරට අධ්‍යාපනය සම්බන්ධ කියැවෙන අර්ථකථනවල සිට අරමුණු දක්වා මුලු අදහසම අමතක කළ යුතු බව අගමැතිවරයා පෙන්වා දී ඇත.