Posted on 02.23.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
වෙනිසියුලානු ආර්ථික අර්බුදය එක්සත් ජනපදයේ සම්බාධක සහ එක්සත් ජනපදයේ සහාය ලබන වයාපාරික පැළැන්තියේ කෘත්‍රිම නිර්මාණයක් බවට එක්සත් ජනපද ගත් කතුවරයකු, ස්වාධීන මාධ්‍යවේදියකු හා බ්ලොග් රචකයකුවන මැක්ස් බ්ලුමැන්දල් පවසයි.
වෙනිසියුලාවේ කරකස් අගනුවර සහ ප්‍රත්‍යන්ත නගරවල සංචාරය කරමින් මැකැස් වාර්තා කරන්නේ වෙනිසියුලාවේ ජනතාවට පාලන අධිකාරිය විසින් සහන සලසමින් සිටින අතර ධනවත් ආහාර සමාගම් විසින් කෘත්‍රිම හිගයක් හා මිල වැඩිකිරිමක් ඇතිකර තිබෙන බවයි. විපක්ෂය සමග මදුරෝ පාලනය පෙරලා දමන්නට මැදිහත්වන මෙම ව්‍යාපාරික පැලැන්තිය එක්සත් ජනපදයේ සහාය ලබන බවද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් එකසත් ජනපදය විසින් ප්‍රචාරය කරන මානුෂීය ආධාර ලබාදීමේ අදහසද මදුරෝ පාලනය අවමානයට ලක් කිරීමේ අදහසක් බව ඔහු පවසයි. මදුරෝ පාලනයට ඇති චෝදනා සියල්ල තිබියදී සිය ජනයාගේ ආහාර ප්‍රශ්නය විසදීමට රාජය නිලධාරින් ක්‍රියාකාරිව මැදිහත්වන බවද මදුරෝ විරෝධය නිසා එක්සත් ජනපදය වෙනිසියුලා ජනයා දුෂ්කරතාවට ඇද දමා ඇති බවද මැක්ස් සිය වාර්තාවෙන් පවසයි.
විශාල ආහාර සමාගම් විපක්ෂයට ආධාර කරන බවද ඔවුන්ගේ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ අගයක ඇති නමුත් දේශීය ආහාර නිෂ්පාදන ජනතාවට පහසුවෙන් ලබාදීසේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇතිබවද මැක්ස් අනාවරණය කරයි. ආර්ථික අර්බුදයක් නැති බව කිසිසේත් කිව නොහැකි නමුත් එම තත්වය කෘත්‍රිම වශයෙන් ඇතිකරමින් ජනමාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යමින් වෙනිසියුලාවට මැදිහත්වීමේ මාර්ගයක් එක්සත් ජනපද පාලනය විසින් පාදාගෙන ඇති බව ඔහුගේ අදහසයි. වෙනිසියුලාවේ ආහාර නිෂ්පාදන දළිදු ජනයාට හා වැඩකරන ජනයාට නොමිලයේ හෝ අවම මිලකට ලබාදී ඇති නිසා විපක්ෂයේ දේශපාලකයන් හා එක්සත් ජනපදය ප්‍රචාරය කරන මානුෂීය ආධාර කතාව ව්‍යාජයක් බවද ඔහු පෙන්වා දෙයි.
එක්සත් ජනපදය විසින් තහනම් කළ වෙනාසියුලානු අරමුදල් නිසා එරට ආර්ථිකය උග්‍ර අර්බුදයකට ඇද දමා ඇති බැවින් මෙම තත්වය එක්සත් ජනපදය විසින් මින් පෙර වෙනත් රාජ්‍යයන්ගේ අභ්‍යන්තරයට කළ බලහත්කාරි මැදිහත්වීමට වෙනස් නොවන තත්වයක් බවද ලේඛකයා පෙන්වා දෙයි. මදුරෝ ජනාධිපතිවරයා විසින් සිය ජනතාව කුසගින්නේ තබා ඇත යන්න එරට ජනයා බේද බින්න කර එක්සත් ජනපද හිතවත් පාලකයකු පත්කරගැනීමේ කුමන්ත්‍රණකාරි අරමුණ ඇතිව ගෙන යන ප්‍රචාරයක් බව මේ අනුව ඔහු පැහැදිලි කරයි. විශේෂයෙන් මදුරෝට අභියෝග කරමින් තාවකාලික ජනාධිපතිවරයා ලෙස තමන් නම්කරගත්
වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ, පසුගිය ජනාධිපතිවරණයෙන් ලබාගෙන ඇත්තේ 10% ඡන්දප්‍රමාණයක් බවද ඔහු අවධානයට ලක් කරයි.