தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ලංකාව ‌චීන කොල්ලයකට හසු ‌වෙලා - ඒක්සත් ජනපද හමුදා ප්‍රධානියා කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාව ‌චීන කොල්ලයකට හසු ‌වෙලා – ඒක්සත් ජනපද හමුදා ප්‍රධානියා කියයි



චීනයේ ණය සදහා හිලව්වකට හම්බන්තොට වරාය වසර 99කට පැවරීම චීනයේ ණය උගුල හරහා සිදුකළ ‌කොල්ලයක් බව ඒක්සත් ජනපද හමුදා මාණ්ඩලික ප්‍රධානින්ගේ සභාපති ‌ජෝශප් ඩන්ෆඩ් පවසයි.

මාණ්ඩලික ප්‍රධානි හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ පාකිස්තානය ‌ඩොලර් බිලියන 10ක ණය උගුලක හිරකරමින් ‌ගොඩාර් වරායට ණය ව්‍යාපෘතියක් ලබා දුන් බවද හම්බන්තොට වරායද චීන ණය වයාපෘතියක් බවද ඔහු ‌ෙපෙන්වා දී ඇත. ‌මේ හා සමාන ‌ලෙස මාලදිවයිනේ චීන ව්‍යාපෘති ‌වෙනුවෙන් ‌ඩොලර් බිලියන 15ක ව්‍යාපෘති ණය ලබා දී ඇත. ඒය මාලදිවයිනේ ආර්ථිකයෙන් 30%ක වටිනාකමක් බවද ඒක්සත් ජනපද හමුදා ප්‍රධානි පවසා ඇත.

ඔහු ‌මෙම අදහස් පළ කරද්දි ලංකාවට ඒක්සත් ජනපද ආර්ථික ‌කොල්ලය බලපෑ ඇති ආකාරය පැහැදිලි කර නැත. කලාපීය භූ ‌දේශපාලන තරගය ‌හේතුවෙන් ඒක්සත් ජනපදය ‌මෙසේ චීන ණය උගුල ගැන කතා කරන නමුත් ‌ලෝක පරිමාණ අධිරාජ්‍යවාදි මුල්‍ය ආයතන විසින් ලංකාව ණය උගුලක සිරගත කළ ආකාරය ‌හෙළිකරන්නේ නැත.