Posted on 02.24.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
වෙනිසියුලාවේ පාලන බලය සදහා එක්සත් ජනපද හිතවාදියකු ගෙන ඒමට එක්සත් ජනපදය කරන මැදිහත්වීමට රතු කුරුස සංවිධානයේ ලාංඡනය පාවිච්චි කිරීමේදී එසේ නොකරන ලෙස එම සංවිධානය නිවේදනය කරයි.
වෙනිසියුලාවට ආධාර ලබාදීමක් සදහා තම සංවිධානය දැනට කිසිදු ක්‍රියාත්මකවීමක් නොකරන බව පවසන එම නිවේදනය, වෙනිසියුලාවේ දේශසීමාවෙන් යම් ආධාර රට තුළට ගෙනයාමට රතු කුරුස ලාංඡනය පාවිච්චි කරන්නේ තම සංවිධානයට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් බව අවධාරනය කරයි. එවැනි ආධාර කිරීමක් අවශ්‍ය නම් ඒවා ගෙන යාමේ වරදක් නොමැති බව පවසන රතු කුරුස සංවිධානය, එහෙත් එම කාර්යයට තම සංවිධානයේ ලාංඡනය පාවිච්චි කිරීමෙන් තම සංවිධානය විසින් ගොඩනගා ඇති අපක්ෂපාතිත්වය පිළිබද ගැටලුවක් පැන නැගිය හැකි බව පෙන්වා දෙයි.
මෙම මානුෂිය ආධාර සම්බන්ධයෙන් වෙනිසියලාවේ සංචාරයක යෙදෙමින් එක්සත් ජනපද මාධ්‍යෙව්දියකු පවසා ඇත්තේ සැබැවින්ම වෙනිසියුලාවේ දිළිදු ජනතාවට අවශ්‍ය ආහාර හා වෙනත් සහන රාජ්‍ය සහන සේවා වලින් ලබා දෙමින් පවතින බවයි. ප්‍රකට ලේඛකයකු හා බ්ලොග් රචකයකු වන මැක්ස් මැක්මෙනතල් සිය ගවේශනාත්මක අනාවරණයකින් පවසන්නේ එරට නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය දිළිදු හා වැඩකරන ජනයාගේ අවශ්‍යතා සදහා බෙදා හරින යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් ‘මානුෂිය ආධාර‘ යැවීමට එක්සත් ජනපදය ඇතුළු බටහිර ජනමාධ්‍ය ගෙන යන ප්‍රචාරය වෙනිසියුලා විපක්ෂයේ අවශ්‍යතා ඉටු කිරීමක් බවයි. වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝ සම්බන්ධ දේශපාලන විවේචන තිබියදී ඔහු විසින් එරට ජනතාව සාගින්නේ තබන බව සහ ආර්ථිකය අර්බුදයක් ඇතිකර බව පැවසීම වැරදි ප්‍රචාරයක් බවද ඔහු පවසයි. සැබැවින්ම ආර්ථික අර්ුදයක් මවන්නේ එක්සත් ජනපද මැදිහත්වීමෙන් බව ඔහු සිය වාර්තාවේ සදහන් කරයි.