Posted on 01.01.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 ආරම්භ කළ කුමන්ත්‍රණකාරි බලමාරුව පිළිබද අප්‍රසාදයෙන් පසුවන ශ්‍රීග.නි.ප. මන්ත්‍රිවරු පිරිසක් එ.ජා.ප. සමග එක්වන්නට සූදානම්වන බවට දේශපාලන ආරංචිමාර්ග හෙළි කරයි.
මේ වනවිට එ.ජා.ප. විසින් සාකච්ඡා කර ආණ්ඩුවට එක් කරගැනීමට ආරාධනා කර ඇති ශ්‍රිල.නි.ප. මන්ත්‍රිවරුන් මෙන්ම විවිධ හේතු මත පක්ෂ සභාපති ලෙස ජනාධිපතිවරයා ගන්නා තීරණ නිසා කලකිරීමට පත්ව ඇති මන්ත්‍රිවරු මෙසේ ආණ්ඩුවට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගියදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මූලික වී පිහිටුවාගන්නා ලද ශ්‍රිල.නි.ප. මන්ත්‍රි කණ්ඩායමක් පිළිබද තොරතුරු අනාවරණය වූ අතර සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නද ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවට එක්වීමට සූදානම්වන ශ්‍රිල.නි.ප. මන්තුි කණ්ඩායමක් පිළිබද තොරතුරු දක්වා තිබිණි.
මෙම පිරිස 12ක් පමණ වන බවට ඇතැම් ආරංචි මාර්ග අනාවරණය කරන නමුත් එය 25ක් දක්වා ඉහළ යා හැකි බවටද ඇතැම් මූලාශ්‍ර අනාවරණය කරයි.