Posted on 01.02.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ ආසන සංවිධායකයන් විශාල පිරිසක් කලකිරී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජී.එච්.බුද්ධදාස පවසයි. පසුගියදා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළකරමින් අදහස් පළ කර තිබුණේ එම පිරිස බව ඔහු සඳහන් කර ඇත.
එසේම මහින්ද රාජපක්ෂ සමග එක්ව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණයෙන් පසු කලකිරී සිටින සංවිධායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සාකච්ඡා කරමින් පවතින බවද ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පත් කරගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇතැයිද කියැවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනායකත්වය වෙනස්විය යුතු බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට නායකත්වය බාරගැනීමට ශ්‍රීලනිපය තුළ අවශ්‍යතරම් නායකයන් සිටින බවත් පැවසූ ඒ මහතා,ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූ දින සිට මේ දක්වා ශ්‍රීලනිපය කුඩා පක්ෂයක් බවට පත්වී ඇතැයිද බුද්ධදාස පවසා තිබේ.