தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ශ්‍රීලනිප සමඟ එක්ව තරඟ වැදීමේ එකඟතාවයක් නැහැ - පොහොට්ටුව ලේකම්ගෙන් ප්‍රකාශයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීලනිප සමඟ එක්ව තරඟ වැදීමේ එකඟතාවයක් නැහැ – පොහොට්ටුව ලේකම්ගෙන් ප්‍රකාශයක්



තම පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරඟ වැදීමට අදාළව කිසිදු පක්ෂයක් සමඟ එකඟතාවයකට පැමිණ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට උපදෙස් දී තිබුනේ පොදු ජන පෙරමුණ සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී තරඟ වැදීමට සූදානම් වන ලෙසයි.

නමුත් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසන පරිදි පොදු ජන පෙරමුණ දේශපාලන සන්ධානයක් සඳහා කැමැත්තක් දැක්වුවද තවමත් එවන් එකඟතාවයකට පැමිණ නැත. මැතිවරණ ප්‍රකාශයට පත්කළ විට සන්ධානයකට කැමැත්තක් දක්වන පක්ෂ සමඟ සකච්ඡා ආරම්භ කරනු ඇති බව ඔහු පවසයි.

සාගර කාරියවසම් වැඩිදුරටත් පවසා ඇත්තේ කුමන සන්ධානයක් නිර්මාණය වුවද එය පොදු ජන පෙරමුණේ මූලිකත්වයෙන් ඇතිවිය යුතු බවත් මැතිවරණයේදී පොහොට්ටුව ලකුණෙන් තරඟ වැදිය යුතු බවයි.