தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ශ්‍රී ලන්කන්, මිහින් ලංකා - ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රී ලන්කන්, මිහින් ලංකා – ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි!



දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා එයාර් ලයින්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරිමේ ජනාධිපති පරික්ෂණ කොමිසම් සභාවේ කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දීර්ඝ කර තිබේ.
මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කළ මිහින් ලංකා සමාගමේ සහ මහින්ද රාජපක්ෂගේ ඥාති සොයුරාගේ සභාපතිත්වයෙන් පැවති ශ්‍රී ලන්කන් සමාගමේ 2006 ජනවාරි මස 01 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා වූ කාලය තුළ සිදු වූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරනු ලැබීය. මෙම වසරේ ජනවාරි මස 31 වන දින සිට මාස 06ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම කොමිසම ස්ථාපිත කළ නමුත් පසුගිය ජුලි මස 31 වනදා සිට යලිත් එම කොමිසමේ කාලය එළඹෙන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කෙරිණි. තවමත් එහි විමර්ශන කටයුතු අවසන් නැති බැවින් තවත් මාස දෙක හමාරක කාලයක් සඳහා එනම්, 2019 පෙබරවාරි මස 15 වන දින දක්වා කොමිසමේ කාලය බලපැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභා ගණනාවක් පිහිටුවන ලද නමුත් අවසානයේ කිසිවකගෙන් අපේක්ෂා කළ යුක්තිය ඉටු වී නැත. අවසානයේ යුක්තිය අපේක්ෂා කරමින් ජනතාව ඡන්දය දුන් ජනාධිපතිවරයාද හිතුමතේ වැඩ කරන අත්තනෝමතික පුද්ගලයකු බවට පත්ව ඇත. ජනාධිපතිවරයාට කැමති කැමති නියෝග මගින් රට පාලනය කළ හැකි නම් මෙවැනි කොමිෂන් සභාවලින් ඉටුවන කාර්යභාරය කුමක්දැයි සාමාන්‍ය ජනතාව පවා විමසන තත්වයට පත්ව තිබේ.