Posted on 09.01.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය එම ගැටලුවට ලබාදිය හැකි සාධාරණම විසදුම බවත් ෂයිලොක්ලා මෙන් මස් රාත්තලම ඉල්ලන්න එපා යයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳ නිරේදේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජික විමල් වීරවංශ මේ බව සඳහන් කළේ රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කැබිනට් මණ්ඩලය ලබාදුන් එම පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවය.
එසේම අයවැය පැමිණෙන තුරු රු 5000ලබාදීමට යෝජනා කරේ මුදල් ඇමතිවරයා බවත් එය තම කමිටුවේ යෝජනාවක් නොවන බවද ඇමතිවරයා පවසයි. පන්දාහෙ කතාව පැත්තකට දමා මේ පොදු විසඳුම පිළිගන්නා ලෙස විමල් වීරවංශ ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.