தமிழ்
English
Contact
Wednesday 27th July 2022    
සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සමු ගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සමු ගනී!



ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකු සහ සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රධාන ලේකම් වන විජේ ඩයස් අභාවයට පත් විය.

1968 දී පිහිටුවන ලද ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකුවන ඔහු මිය යන විට 80 වැනි වියේ පසු විය.

කම්කරු පන්තියේ විමුක්තිය සඳහා ට්‍රොට්ස්කිවාදී දේශපාලන මතයකට අනුව වූ සිය ජීවිත කාලයෙන් අඩ සියවසකට වැඩි කාලයක් වැඩ කළ විජේ ඩයස් ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ පුරෝගාමියකු වූ ලියොන් ට්‍රොට්ස්කිගේ කෘති සිංහලයට නැගීමටද දායක විය.

ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයකුව සිට එම පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග සභාග ආණ්ඩුවකට සම්බන්ධ වීම පිළිබඳ විරෝධය පළ කරමින් ඉන් ඉවත් වූ ඔහු ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමි සංවිධානය ලෙස සැළකෙන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය බිහි කිරීමට පුරෝගාමී විය.

රෝගි තත්වයෙන් පසු වුවද දේශපාලන කාර්යයන් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කරමින් සිටි වාමාංශික නායකයකු වූ ඔහු සිය ජීවිත කාලය පුරාම සූරාකෑම හා මර්දනයෙන් ජනතාව පෙලන ධනේශ්වර දේශපාලන අදහස්වලට සහ විශේෂයෙන් ජාතිවාදයට එරෙහිව පෙනී සිටි අයෙකි.

අද දින සමුගත් විජේ ඩයස්, අභාවයට පත් සරසවි ආචාරියවරියක, සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාකාරිනියක මෙන්ම මාක්ස්වාදී විචාරය වෙනුවෙන් මහත් සම්ප්‍රදානයක් එක් කළ ආචාර්ය පියසිලි විජේගුණසිංහගේ ජීවන සහකරුවා ද විය.