Posted on 06.01.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භාර ආපදා සහන සේවා නිලධාරි පුන්සිරි කරුණාසේන හදිසි අනතුරකින් අභාවයට පත් විය.
ඊයේ (31) අයහපත් කාලගුණ තත්වය හමුවේ ඔහු මෙම අනතුරට මුහුණපා ඇති අතර රාජකාරි කටයුතු අතරතුර මේ තරුණ ආපදා සහන සේවා නිලධාරිවරයා අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් කම්පාවට පත්ව සිටී.
මිය යන විට 28 හැවිරිදි වූ පුන්සිරි කරුණාසේන, කුරුවිට මධ්‍ය මහවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.