Posted on 11.27.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස අධ්‍යයන කටයුතු කළ 81ක් දෙනෙකු වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කිරීම වැළැක්වීමේ නියෝගයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රජයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.
මෙම පෙත්සම කැළණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් ඉඹුල්ගොඩ පදිංචි කසුන් තාරක අමල්, ගම්පහ උග්ගල්බොඩ පදිංචි කලණි ලක්ෂිකා පේ‍්‍රමසිරි සහ තිස්සමහරාමයේ පදිංචි රන්සරනී ජයතිලක දිසානායක යන නැමැත්තන් විසින් ඉදිරිපත් කර තිබුණි. එසේම වගඋත්තරකරුවන් ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, එහි වැඩබලන ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු , අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ, සෞඛ්‍ය ඇමති, නීතිපතිවරයා සහ සයිටම් වෛද්‍ය විද්‍යා පාඨමාලාවට ලියාපදිංචි වී අධ්‍යාපනය ලැබූවන් 81 දෙනකු නම් කර සිටිති.