தமிழ்
English
Contact
Monday 22nd April 2019    
අසාධාරණයට එරෙහිව අන්තරේ අදත් වීදි බසී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අසාධාරණයට එරෙහිව අන්තරේ අදත් වීදි බසී



රාජ්‍ය පාසල් වලපල්ලට යවන කැබිනට් පත්‍රිකාව සහ පොදුජන අරගල මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද(25) දින විරෝධතාවයක නිරත විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිට බේස්ලයින් මාර්ගය ඔස්සේ කොළඹ කොටුව දක්වා පැමිණි විරෝධතාකරුවන් එහිදී උද්ගෝෂණයක් සහ දැවැන්ත විරෝධතා රැළියක්ද සංවිධානය කරන ලදි. මෙම විරෝධතාවය සඳහා දිවයිනේ සියලුම විශ්වවද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක සිසුන් විශාල පිරිසක් සම්බන්ධ වී තිබුණි.

සිසු – කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනටහ පරදවමු !

රාජ්‍ය පාසල් වලපල්ලට යවන පෞද්ගලික පාසල් දිරිමත් කරන ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව වහා හකුලා ගනු !

බොරු නවකවධ චෝදනා එල්ල කර සරසවි පද්ධතිය අඩපණ කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහි වෙමු !

ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙහිදී ප්‍රධාන සටන් පාඨ ලෙස විරෝධතාකරුවන් විසින් ඉදිරිපත් කරන ලදි.

දිනෙන් දින අර්බුධයේ ගිලෙමින් සිටින ආණ්ඩුවේ ගැලවුම්කරුවන් ලෙසින් පෙනී සිටින ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය වාරික නිදහස් කිරීම සඳහා දොළ පිදේනි ලෙස සියල්ල වෙළඳපොල ලිහිල්කරණයට ලක් කිරීම සහ සේවා බරින් ඉවත් වීම වෙනුවෙන් රාජ්‍ය පාසල් වලපල්ලට යවමින් පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිමත් කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙවැනි අත්තනොමතිකත්වයන්ට එරෙහිවන ජනතා අරගල මර්දනය වෙනුවෙන් නිතී ගත කර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත බල රහිත කිරීම නමැති ප්‍රගතිශීලී වෙසින් ක්‍රියාත්මක වීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත හරහා ධනවාදයේ නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිවන සියලු බලවේග ත්‍රස්තවාදී නාමකරණයට යටත් කරමින් මර්දනය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා මානව හිමිකම් සුරැකින බව පැවසෙන ඊනියා වැඩපිළිවෙළ වෙනුවෙන්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මග පෙන්වීම මත මෙම පනත කෙටුම්පත් කර ඇත.