Posted on 04.03.2019 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සබරගමුව සරසවි සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශන් යටතේ සිදුකරන බඳවා ගැනීම් කප්පාදු කිරීමට හා වෙළෙඳපොළ උවමනාවන් වෙනුවෙන් සිදුකරන ශාස්ත්‍රීය විෂයන් කප්පාදුවට එරෙහිව අද(03) දින සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සිදු කරන ලද විරෝධතා පා ගමනට ආණ්ඩුව සිය පොලීසිය යොදා ගනිමින් ම්ලේච්ඡ අයුරින් පහර දෙන ලදි.
සිසුන් රාජගිරිය ආයුර්වේද මංසන්ධියේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා විරෝධතා පාගමනින් පැමිණි අතර ඒ හේතුවෙන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා දිවෙන මාර්ගය බාධක දමා වසා දැමීමට පොලිසිය කලින්ම පියවර ගෙන තිබුණි.
සරසවි සිසුන් පාර්ලිමේන්තුව දෙසට ගමන්ගැනීමට උත්සාහ කළ අතර ඔවුන්ව විසුරුවා හැරීමට බව පෙන්වමින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර ඉන් නොනැවතී ම්ලේච්ඡ ලෙස සිසුන්ට පහර දෙන්නටද විය.
ශාස්ත්‍රීය අධ්‍යාපනය ක්‍රමානුකුලව ඉවත්කරමින් යාන්ත්‍රීකරණය වූ රොබෝවරුන් පිටපත් කිරීමේ නිෂ්පාදනාගාර ලෙස විශ්වවිද්‍යාල මොට කිරීමේ වෙළඳපොළ වුවමනාව වෙනුවෙන් පමණක් පෙනී සිටිමින් සියළු වටිනාකම් කෙළෙසමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදය සිය ප්‍රධාන සටන් පාඨය කර ගනිමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව විසින් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බලවේගයන් වෙත මර්දනය මුදා හැරීමේ නොවෙනස්වන ම්ලේච්ඡත්වය වඩාත් හොදින් තහවුරු කරමින් සිටී.