தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
‘ස්ටිකර් කුමා‘ ආපසු එයි! - කටවුට් දේශපාලනයට ජයවේවා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ස්ටිකර් කුමා‘ ආපසු එයි! – කටවුට් දේශපාලනයට ජයවේවා



2005-2014 මහින්ද රාජපක්ෂගේ දූෂිත මර්දනකාරී පවුල් පාලනයේදී මහජන ධනය කෝටි ගණනින් සාක්කුවට දමා ගත් ප්‍රචාරක ආයතනය වූ ‘කුමා ස්ටිකර්ස්‘ නැවත වරක් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය වර්ධනය කරනු පිණිස දැවැන්ත ප්‍රමාණයේ ප්‍රචාරක පුවරු කොළඹ හා වෙනත් නගරවල ඉදිකරගෙන යයි.

ඩිජිටල් මුද්‍රණයෙන් හා ශක්තිමත් ලෝහ යොදාගෙන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන මෙවැනි එක් ප්‍රචාරක පුවරුවක් ස්ථාපනය කිරීම සදහා සදහා ලක්ෂ 10 පමණ වියදමක් දරන්නට වේ යැයි ප්‍රචාරක කටයුතු පිළිබද අවබෝධයක් ඇති ප්‍රචාරණ ආයතන ව්‍යාපාරිකයෝ පවසති. මහින්ද රාජපක්ෂ මෙවැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් මහා පරිමාණයෙන් ආරම්භ කළේ ඉන්පසුව දිගින් දිගටම කුමා ස්ටිකර්ස් ආයතනය විසින් 2010 ජනාධිපතිවරණයටත් පසුව 2015 ජනාධිපතිවරණය දක්වාත් වරින් වර දැවැන්ත ප්‍රචාරක පුවරු රට පුරාම සවිකරන ලදී.

විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලිය හා ලේක්හවුස් වැනි ආයතනවල ශක්තිය යොදාගෙන ගෙන ගිය ප්‍රචාරණයේදී නියමිත මුදල් ගෙවීම පවා පැහැර හැරි බවට රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානින්ට චෝදනා එල්ල විය. එහෙත් රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුව ඒ සම්බන්ධ යුක්තිය ඉටු කිරීමට කටයුතු කළේ නැත.  ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට වීදිබසින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින, පාර්ලිමේන්තුව කැදවන ලෙස නාහෙන් අඩන රනිල් වික්‍රමසිංහ පරාජිත රාජපක්ෂට ගෙදර යන්නට හෙලිකොප්ටරයක් ලබාදීමේ සිට ඔහු ආරක්ෂා කළේය. ජනතා මුදල් කොල්ල කෑ රාජපක්ෂ පවුල ආරක්ෂා කළ ඔහුට පාරාවලල්ල කැරකී ඇති අවස්ථාවක කුමා ස්ටිකර්ස් ආපසු වන්දිභට්ට ප්‍රචාරයට කාබාසිනියා කරන්නේ රාජ්‍ය අරමුදල්ද නැත්නම් පසුගිය පවුල් පාලන කාලයේ කොල්ල කෑ මහජන මුදල්ද?

(මෙහි පළකර ඇත්තේ තොටළග, කොළඹ නගරයට පිවිසෙන වටරවුමේ සහ රාජගිරිය ආයුර්වේදය ඉදිරිපස සවිකර ඇති ැදැවන්ත ඩිජිටල් ප්‍රචාරක පුවරු දෙකකි.)